Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

ඇස්පාර්ටේම් පිළිකා කාරකයක්ද?

Kiwi Sri Lankans / ඇස්පාර්ටේම් පිළිකා කාරකයක්ද?

Sugar-free බිම වර්ග සදහා යොදාගන්නා ඇස්පාර්ටේම් රසකාරක වල පිලිකා ඇතිවිය හැකි අවදානමක් ඇතිබව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි. පිළිකා යනු ගෝලීය වශයෙන් සිදුවන මරණවලට ප්‍රධානතම හේතුවකි. සෑම වසරකම මිනිසුන් හය දෙනෙකුගෙන් එක් අයෙකු පිළිකාවෙන් මිය යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) ආහාර ආකලන පිළිබඳ ඒකාබද්ධ විශේෂඥ කමිටුව (JECFA) විසින් 2023 ජුලි 14 නිකුත් කරනු ලෑබූ නිවේදනය අනුව, අවදානමක් රහිතව දෛනිකව පරිභෝජනය කළහැකි උපරිම අස්පාර්ටෙම් ප්‍රමාණය ශරීර බර කිලෝ ග්රෑම් එකකට මිලිග්‍රෑම් 40 ක් බව තහවුරු කරන ලදී. නිදසුනක් වශයෙන්, කිලෝග්‍රෑම් 70ක් බරැති වැඩිහිටියෙකු දිනකට ඇස්පාර්ටේම් මිලිග්‍රෑම් 200ක් හෝ 300ක් අඩංගු ඩයට් සිසිල් බීම කෑන් 9-14කට වඩා පරිභෝජනය කිරීම සිදු නොකළ යුතුය.

ඇස්පාර්ටේම් යනු 1980 ගණන්වල සිට ආහාර පාන, චුවිංගම්, ජෙලටින්, අයිස්ක්‍රීම්, යෝගට් වැනි කිරි නිෂ්පාදන, උදේ ආහාර ධාන්‍ය, දන්තාලේප සහ කැස්ස සිරප් සහ චුයින්ගම් වැනි විවිධ ආහාර සහ පාන නිෂ්පාදනවල බහුලව භාවිතා වන කෘතිම (රසායනික) රසකාරකයකි. ඇස්පාර්ටේම් මිනිසුන්ට පිළිකා කාරක ලෙස වර්ගීකරණය කර ඇත.

කෙසේ වුවද මේ ගැන සොයා බැලීමට සහ තහවුරු කර ගැනීමට තව දුරටත් පර්යේෂණ කල යුතුව ඇත. ඇස්පාර්ටේම් වල බලපෑම පිළිබඳ JECFA ඇගයීම් පදනම් වී ඇත්තේ සම-සමාලෝචන පත්‍රිකා, රජයේ වාර්තා සහ නියාමන අරමුණු සඳහා සිදු කරන ලද අධ්‍යයන ඇතුළු මූලාශ්‍ර රාශියකින් එකතු කරන ලද විද්‍යාත්මක දත්ත මත ය. ස්වාධීන විශේෂඥයින් විසින් අධ්යයනයන් සමාලෝචනය කර ඇත. වැඩි විස්තර පහත URL වලින් ලබාගත හැකිය.

විශේෂඥ වෛද්‍ය අනුර ජයසිංහ

kiwisrilankan charitable trust

kiwisrilankans.org/about-us/