අධික උනුසුම් වීමෙන් ඇතිවන අහිතකර සෞඛ්ය බලපෑම් බොහොමයක් වළක්වා ගත හැකිය. සාමාන්‍ය උණුසුම් තත්ත්‍වයක් යටතේ, ශරීරය දහඩිය වාෂ්ප කර ශරීරය සිසිල් කර උෂ්ණත්වය නියාමනය කරයි. කෙසේ වෙතත්, අධික තාපය හා වායුවේ අධික ආර්ද්‍රතාවේ ඇති වූ විට, දහඩිය වාෂ්පවීම අඩුවන අතර ශරීරයේ සාමාන්ය උෂ්ණත්වය පවත්වා ගැනීමට ශරීරයේ අවයව වැඩිපුර ක්‍රියාත්මක නිසා විඩාවට පත්වේ. මෙම අතිරේක කාර්යය ශරීරයට ආතතියක් ඇති කරන අතර අසනීප වීම හා මරණයට පවා හේතු විය හැකිය.
ඒ සදහා අප කල යුත්තේ උණුසුම් කාලගුණය තුල ශරීරය සිසිල්ව තබා ගැනීමයි. ඒ සඳහා,
- පුළුවන් තරම් ජලය පානය කරන්න.
- වතුර ජෝගුවකට ලෙමන්, දෙහි හෝ මින්ට් එකතු කර වැඩිපුර ජලය බිමට පවුලේ අයව පොළඹවන්න.
- මත්පැන් බිම අඩු කරන්න: ජලය යනු හොඳම දියර වර්ගයයි, උණුසුම් කාලගුණය තුළ ඇල්කොහොල් ඔබව වැඩිපුර විජලනය කළ හැකිය.
- ශීත කළ කෙටි ආහාර අනුභව කරන්න: සිසිල් කෑමක් ලෙස ශීත කළ කෙසෙල් හෝ වෙනත් පලතුරු අනුභව කිරීමට උත්සාහ කරන්න.
- ඔබ හිරු රස්මිය සහිත එළිමහනේ ඉන්නවිට, හැකි සෑම විටම සෙවණක් යට ඉන්න, ඔබට හැකි විට නිවසේ හෝ ගොඩනැගිල්ලක ඇතුලේ රැදෙන්න.
- හැකි නම් උදෑසන හෝ සවස් වරුවේ ව්‍යායාම හෝ එළිමහන් ක්‍රියාකාරකම් කරන්න.
- ඔබේ අසල්වැසියන් ගැන විමසිල්ලෙන් සිටින්න: අසල්වාසීන්, විශේෂයෙන්ම වැඩිහිටියන්, ඔවුන් හොඳින් දැයි පරීක්ෂා කිරීමට සමීපව විමසිල්ලෙන් සිටින්න. මතක තබා ගන්න, දරුවන්ට, වැඩිහිටියන්ට හෝ සෞඛ්‍ය ගැටලු ඇති අයට උණුසුමට ඔරොත්තු දීමට අපහසුය.
- නවතා ඇති මෝටර් රථවල කිසිවිටකත් ළමයින් නොසැලකිලිමත් ලෙස තබන්න එපා. උණුසුම් දිනවලදී මෙය විශේෂයෙන් වැදගත් වේ.
- ඔබේ නිවස සිසිල්ව තබා ගන්න. ජනෙල්, දොරවල්, කවුළු විවෘත කර නිවස හරහා සුලන් හැමීමට හරින්න එසේත් නැත්නම්, වායුසමීකරණය සක්රිය කරන්න.
- දිගු අත් සහ කරපටි සහිත කමිසයක් අදින්න. අවම වශයෙන් SPF 30, ජලයට ඔරොත්තුදෙන sunscreen පිටතට යාමට මිනිත්තු 20 කට පෙර ආලේප කර සෑම පැය දෙකකට වරක් නැවත ආලේප කරන්න. තොප්පියක් පාවිච්චි කරන්න. අව් කන්නාඩියක් පැලදීමටද අමතක නොකරන්න.
- නව පාසල් වසර ආරම්භ වන විට, ඔබේ දරුවන් ආරක්ෂිතව තබා ගැනීම වැදගත් වේ – වතුර බෝතලයක්, සුදුසු ඇඳුම්, හිරු ආවරණ සහ තොප්පියක් ලබාදෙන්න.