Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

එලෙක්ට්‍රෝනික් සිගරට් නරකයිද

Kiwi Sri Lankans / එලෙක්ට්‍රෝනික් සිගරට් නරකයිද
  • එලෙක්ට්‍රෝනික් සිගරට්, Vaping, E- cigarette දැන්, දැන් හැම තැනම දකින්න ලැබෙනවා. ඒව පාලනයට ඇති නීති රීති ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා මෙය වසංගතයක් ලෙස විශේෂයෙන් තරුණයන් අතර ව්‍යාප්තවීමේ අවධානමක් තියෙනවා.
  • එලෙක්ට්‍රෝනික් සිගරට් වලින් නිකුත් කරන වාෂ්ප දුම්කොළ දැවීම නිසා සාමාන්‍ය සිගරට් වලින් නිකුත් වන දුම් වලට වඩා වෙනස්. දුම්කොළ සිගරට් වලින් ලැබෙන දුම් වල නිකොටින් වලට අමතරව විෂ සහිත රසායනික ගණනාවක් තියෙනවා. ඒ නිසා එයින් සෞඛ්‍යට ඇතිවන අහිතකර බලපෑම ගොඩක් බරපතලයි. එලෙක්ට්‍රොනික් සිගරට් වලින් නිකුත් කරන්නේ නිකොටින් සහිත වාෂ්පයක්. මේ දෙකේම නිකොටින් තියෙන නිසා, නිකොටින් වලින් ශරීරයට ඇති කරන බලපෑම නම් එක හා සමානයි. මේ දෙවර්ගයේම තියෙන නිකොටින් නිසා තමයි දුම්බීමට ඇබ්බැහි වෙන්නෙත්. නමුත් එලෙක්ට්‍රෝනික් සිගරට් වල තියෙන නිකොටින් සාන්ද්‍රණය සාමාන්‍ය සිගරට් වලට වඩා බොහෝ වැඩි නිසා ඒවට ඇබ්බැහි වීමත් නිකොටින් වලින් සෞඛ්‍යට ඇතිවන බලපෑමත් ඉතා වැඩියි.
  • දුම්පානය නතරකිරීමට උපකාරයක් ලෙස එලෙක්ට්‍රෝනික් සිගරට් යොදාගැනීම කල හැකි උනත්, ඒවාටද ඇබ්බැහි වීමෙහි අවදානමක් තියෙනවා, එහෙම වෙන්නේ ඒවා පාවිච්චියට පහසු, සිත්ගන්නාසුළු හැඩයන් සහිතව, විවිධ රසයන්ගෙන් නිපදවා ඇති නිසාත්, අධික නිකොටින් ප්‍රමාණයක් අඩංගු නිසාත්ය.
  • ඔබ සිගරට් බිමට ඇබ්බැහි වී ඇත්නම්, එයින් වැළකීමට එලෙක්ට්‍රෝනික් සිගරට් වලට මාරු විය හැකියි. නමුත්, ඔබ දුම්පානය නොකරන්නේ නම් එලෙක්ට්‍රෝනික් සිගරට් බොන්න එපා, මොකද ඒවායේ නිකොටින් ශරීරයට අහිතකර නිසා.
  • දුම් පානය කරන පුද්ගලයින්ගේ සෞඛ්යයට නිකොටින් සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා. නිකොටින් වලින් මොලයට තාවකාලික උද්දීපනයක් ලැබුනත්, ඇබ්බැහි වීම මගින් කෝපය, නොසන්සුන් බවක, අවධානය අඩුකම වගේ මානසික තත්වයන් ඇතිවිය හැකියි. නිකොටින්, ඔක්කාරය හා වමනය වැනි අතුරු ආබාධ ඇති කරන නමුත් දුම් පානය කරන්නන් මෙම ආකාරයේ තත්වයන්ට පුරුදුවෙනවා. නිකොටින් මගින්, හර්දස්පන්දනය වැඩිවන අතරම රුධිර පීඩනය ඉහලයනවා. මේ හරහා බරපතල කායික රෝග ඇතිවීමේ අවදානමක් තියෙනවා.
  • නිකොටින් ළදරුවන්ගේ මොළයේ වර්ධනයට බලපෑම් කරන්න පුළුවන්, ඒ වගේම ගැබිනි කාන්තාවන් නිකොටින් පාවිච්චියෙන් බැහැර විය යුත්තේ කලලයේ වර්ධනයට සහ විකුර්ති වලට එය බලපෑ හැකි නිසයි. කෙසේවෙතත්, දුම්පානය නතර කිරීම සඳහා ගර්භනී කාන්තාවන්ට සහාය වීම සඳහා නිකොටින් නිෂ්පාදන භාවිතා කිරීමට සිදුවෙනවා. ඒ දුම්පානයට වඩා එය අඩු අවදානමක් ඇති නිසයි. නිකොටින් නව යොවුන් වියේ දරුවන්ගේ මොළයේ වර්ධනයට ද ඍණාත්මක බලපෑම් ඇති කරනවා.
  • අවසාන වශයෙන් අප දැනගතයුතු දේ තමයි,එලෙක්ට්‍රෝනික් සිගරට් ළමයින්ට හෝ තරුණයින්ට හෝ දුම් නොබොන කිසිවෙකුට ටෙස්ට් කර බැලීමට සුදුසු දෙයක් නෙවෙයි.
  • ඔබේ සෞඛ්ය සඳහා ඔබට කළ හැකි හොඳම දෙය නම් දුම්පානයෙන් හා එලෙක්ට්‍රෝනික් සිගරට් වලින් තොර වීමයි.
  • එලෙක්ට්‍රෝනික් සිගරට් ශරීරයට යම් හානියක් ගෙන දුන්නත්, සාමාන්‍ය දුම්කොළ සිගරට් පානය කරන අයෙකුට එයින් මිදීමේ පියවරක් ලෙස යොදාගත හැකියි. හැබැයි එයට ඇබ්බැහි නොවීමට වගබලා ගත යුතුයි.