- ඇල්කොහොල් මගින් මානසික අවපීඩනයක් ඇතිවෙන අතරම ප්‍රතික්‍රියා කාලය මන්දගාමී වේ. ඒ නිසා යම් හදිසි තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට පමාවිය හැකිය. එබැවින් මධ්‍යසාර පානය කර රිය පැදවීම, වැඩ කිරීම හෝ ක්‍රීඩාව වැනි ක්‍රියාකාරකම්වල නියැලීම අනතුරුදායක වේ.
- වයස අවුරුදු 20 ට අඩු රියදුරන්ගේ ලේ වල යන්තමින් හෝ ඇල්කොහොල් තිබිය නොහැක. ඒ නිසා ඔවුන්ට මධ්‍යසාර පානය කර වාහන පැදවීම කල නොහැකිය.
- අවුරුදු 20 සහ ඊට වැඩි රියදුරන් සඳහා නීත්‍යානුකූල සීමාව වන්නේ රුධිර මධ්‍යසාර සීමාව රුධිරයේ මිලි ලීටර් 100 කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 50 කි. හුස්ම ලීටරයකට (Breathalyzer) ඇල්කොහොල් මයික්‍රොග්‍රෑම් 250කට වඩා වැඩි නම් හෝ රුධිරයේ මිලිලීටර් 100කට ඇල්කොහොල් මිලිග්‍රෑම් 50කට වඩා වැඩි නම් ඔවුන් රිය පැදවීම නොකළ යුතුය. එය කඩ කරන අයට දඩ මුදලක් සහ අවාසි ලකුණු (demerit) 50 ක් ලබා දිය හැකිය. ඔබේ රුධිර මධ්‍යසාර මට්ටම මීටත් වඩා වැඩි නම්, ඔබ රිය පැදවීමට නුසුදුස්සකු විය හැකි අතරම දඩයක් හෝ සිරගත වීමකට යටත් වීමට සිදුවනු ඇත.
- රුධිර ඇල්කොහොල් අන්තර්ගතය (BAC-blood alcohol concentration) විවිධ පුද්ගලයන්ට ඔවුන්ගේ බර, ලිංගිකත්වය සහ පරිවෘත්තීය මත පදනම්ව විවිධ බලපෑම් ඇති කරන අතර පරිභෝජනය කරන ප්‍රමාණය, පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය සහ වෙනත් සාධක අනුව වෙනස් වේ.
- මෙහිදී ඇල්කොහොල් නිසා ශරීරයට සහ මොලයට ඇතිවන තාවකාලික හා දිගුකාලීන හානි පිලිබඳ සාකච්චා කිරීමට බලාපොරොත්තු නොවන අතර, මද්‍යසාර පානය පාලනයකින් යුතුව කිරීමට කරුණු කීපයක් ඉදිරිපත් කරනු ඇත.