- මෙම පුද්ගලයා වඳුරු වසුරිය පවතින රටක සංචාරයක යෙදී මෑතකදී ආපසු පැමිණ ඇති අතර, ඕක්ලන්ඩ් හි වාසයකරයි. දැනට රටවල් පනහකින් වඳුරු වසුරියෙන් පෙළෙන රෝගීන් වාර්තා කර ඇත. ඕස්ට්‍රේලියාව ඇතුළු විදේශ රටවල රෝගීන්ගේ වැඩිවීමත් සමගම රෝගියෙකු නවසීලන්තයට පැමිණීම අනපේක්ෂිත දෙයක් නොවේ.
- නවසීලන්තය මේ තත්වයට මුහුණ දීමට දැනටමත් සුදානම් වෙමින් සිටියි. පසුගිය මාසයේ වඳුරු වසුරිය නිල වශයෙන් දැනුම් දිය යුතු රෝගයක් ( notifiable disease ) ලෙස ලැයිස්තුගත කර ඇති අතර, එමඟින් රෝගීන්ව හුදකලා කිරීමේ නියෝග දීම සහ සම්බන්ධතා සොයා ගැනීම, ඇතුළුව රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය ක්‍රම සහ විධි භාවිතා කිරීමට අපට හැකි වේ. Monkeypox PCR පරීක්ෂණයක් නවසීලන්ත රසායනාගාරවල ඇති අතර, එය මෙම පළමු රෝගියා හඳුනා ගැනීමට භාවිතා කර ඇත.
- දැනට මෙහි ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැත.
- මම රෝගියාගේ සම්බන්ධතාවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා, අපි ඒවා පිළිබඳ අමතර තොරතුරු සපයන්නේ නැත, නමුත් ඒ පිලිබඳ අධීක්ෂණය කිරීම දිගටම සිදුකරනු ලබයි.