Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

වඳුරු වසූරිය (Monkeypox)
අපේ රටටත් ඇවිල්ලද?

Kiwi Sri Lankans / වඳුරු වසූරිය (Monkeypox) අපේ රටටත් ඇවිල්ලද?
  • වඳුරු වසූරිය යනු මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ සමහර ප්‍රදේශවලට ආවේණික වන සත්වයන් අතර ඇති වෛරසයකි (නමුත් සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය විය හැකිය ). 1970 දී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ දී වඳුරු වසූරිය රෝගය මුලින්ම මිනිසුන් තුළ හඳුනා ගන්නා ලදී. එතැන් සිට, එය බොහෝ දුරට බටහිර අප්‍රිකාවට සීමා වී ඇත. කෙසේ වෙතත්, අප්‍රිකාවෙන් පිටත සංචාරකයින් අතර එය ඉඳහිට පැතිරී ඇත.
  • 2022 මැයි 17 වැනි දින එක්සත් රාජධානිය විසින් වඳුරු වසූරිය පිළිබඳව තොරතුරු තහවුරු කරන ලදී. එතැන් සිට, බටහිර අප්‍රිකාවෙන් පිටත මෙම රෝගය වැළදුනු රෝගීන් 80 කට වඩා සංක්‍යාවක් රටවල් 11 කින් සොයාගෙන ඇත.  මෙතෙක් නවසීලන්තයේ තහවුරු වූ හෝ සැක කළ හැකි රෝගීන් කිසිවෙක් හමුවී නොමැත. දැනට එවැනි රෝගීන් හදුනා ගැනීම සදහා සක්‍රීය නිරීක්ෂණයන් ක්‍රියාත්මකයි.
  • මෙම රෝගය මිනිසාට බෝවීම සාමාන්‍යයෙන් සිදුවන්නේ මීයන් සහ ප්‍රයිමේට් සත්වයන් (වඳුරු වර්ග) හරහා ය. එය දුර්ලභ වුවද, සමේ තුවාල, ශරීර තරල, ශ්වසන ජල බිඳිති සහ ඇඳ ඇතිරිලි වැනි දූෂිත ද්‍රව්‍ය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් මෙම වයිරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැක.

රෝග ලක්ෂණ

  • බිජෞෂණ කාලය සාමාන්‍යයෙන් දින හයේ සිට 13 දක්වා වේ. මෙමෙ රෝගයේ පළමු රෝග ලක්ෂණ වන්නේ උණ, ව්‍යාධිය, හිසරදය සහ සමහර විට උගුරේ අමාරුව සහ කැස්ස සහ වසා ගැටිති ඉදිමිමයි. මෙයින් පසු, තුවාල මුඛයෙන් ආරම්භ වී මුහුණ, අත් සහ කකුල් දක්වා පැතිරෙයි. තුවාල ආරම්භ වන්නේ කුෂ්ඨයක් ලෙසින් වන අතර එය පසුව බුබුළු ලෙස වර්ධනය වේ ( පැපොල රෝගයේදී ඇතිවන කැළැල් මෙන් ) පසුව ඒවා වියලි යයි. රෝගය සාමාන්‍යයෙන් දින 14ත් 28ත් අතර කාලයකදී සුවවේ.

ඔබ කලයුත්තේ කුමක්ද?

  • ඔබ විදේශ සංචාරයේදී හෝ ආපසු පැමිණෙන විට කුෂ්ඨ වැනි රෝගයක් සැදී ඇත්නම් හෝ ඔබේ ශරීරයේ යම් තුවාල (කුඩා බිබිලි වැනි තුවාල) ඇත්නම් සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න.
  • වෛරසය වැළදිය හැකි සතුන් (අසනීප වූ හෝ වඳුරු වසූරිය ඇති වන ප්‍රදේශවල මිය ගොස් ඇති සතුන් ඇතුළුව) සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න. අසනීප වූ සතෙකු හෝ පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වී ඇති ඇඳ ඇතිරිලි වැනි ඕනෑම ද්‍රව්‍යයක් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න.
  • මේ පිලිබඳ පරීක්ෂණයන්, ප්‍රතිකාර සහ එන්නත් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, වසුරිය සදහා කරන ප්‍රතිකාර ක්‍රම මේ සදහා බොහෝදුරට යොදාගත හැකිය.