Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

සරම්ප වලින් වැලකි සිටිය හැකිද?

Kiwi Sri Lankans / සරම්ප වලින් වැලකි සිටිය හැකිද?
  • සරම්ප යනු බරපතල තත්වයකට පත් විය හැකි වෛරස් රෝගයකි. මීට පෙර සරම්ප වැළඳී නොමැති හෝ සරම්ප එන්නත ලබා නොගත් පුද්ගලයින්අ තර එය ඉතා පහසුවෙන් පැතිරිය හැකිය.
  • රෝගියෙකුගේ  කිවිසුම් හෝ කැස්ස මගින් එය තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය හැකිය. ඊට අමතරව සරම්ප රෝගියෙකු සිටි කාමරයක එම රෝගියා ඉන් ඉවත්ව ගියත් පැයක් පමණ යනතුරු එම  වෛරසය  එහි රැඳී තිබිය හැකි බැවින් තවත් කෙනෙකුට රෝගය බෝ විය හැකිය.

සරම්ප එන්නත ලබා ගැනීමෙන් ඔබටත් අන් අයටත් එයින් වැළකිය හැකිය

  • සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා (MMR) එන්නත සරම්ප වලට එරෙහිව ජීවිත කාලය පුරාම ඉතා හොඳ ආරක්ෂාවක් සපයයි. ඔබගේ වීසා හෝ පුරවැසිභාවය කුමක් වුවද MMR එන්නත වයස අවුරුදු 18 ට අඩු සැමට නොමිලේ ලබාගත හැකිය.
  • ළමයින්ට ඔවුන්ගේ පළමු MMR එන්නත මාස 12 දී සහ ඔවුන්ගේ දෙවන එන්නත මාස 15 දී ලබා ගත හැකිය.
  • ඔබේ දරුවාට නියමිත වේලාවට ප්‍රතිශක්තිකරණය ලබා දීම ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට ඇති හොඳම ක්‍රමයයි.
  • වයස අවුරුදු 18 ට වැඩි ඔබ නවසීලන්තයේ පදිංචිකරුවෙකු (PR ) හෝ නොමිලේ සෞඛ්‍ය සේවාවක් සඳහා සුදුසුකම් ලබන්නෙකු නම් MMR එන්නත නොමිලේ ලබාගත හැකිය.
  • ඔබ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන සෞඛ්‍ය තත්වයක සිටිනම් ( පිළිකා වැනි) කරුණාකර ඔබේ GP ට කතා කර, ඔබ එන්නත ලැබිය යුතු අයෙකු දැයි දැනගන්න.
  • ඔබ ගැබිනිමවක් නම් ඔබට MMR එන්නත ලබා ගත නොහැකිය.
  • ඔබේ පවුලේ අය නියමිත පරිදි එන්නත ලබා ගෙන ඇත්නම් ඔබටද සරම්ප වැළඳීමේ සම්භාවිතාව අඩු වනු ඇත.
  • MMR එන්නත ඔබේ වෛද්‍යවරයාගෙන් ලබා ගත හැකි අතර වයස අවුරුදු 3ට වැඩි පුද්ගලයින්ට සමහර ෆාමසිවලින්ද එන්නත ලබා ගත හැකිය.
  • ඔබට කිට්ටුම MMR එන්නත් කිරීමේ සේවාවක් සොයා ගැනීමට Healthpoint වෙත යන්න: www.healthpoint.co.nz/immunisation

සරම්ප රෝග ලක්ෂණ:

  • උණ
  • සමෙහි රතු බිබිලි, පැල්ලම් හෝ කුෂ්ඨ
  • ඇස් දැවිල්ල, වේදනාව, රතුවීම, කඳුළු ගැලීම
  • කැස්ස
  • සොටු දියර ගැලීම

සාමාන්‍යයෙන් ඇඟෙහි බිබිලි / පැල්ලම් මතුවන්නේ අනෙකුත් රෝග ලක්ෂණ වලින් දින 3 සිට 7 ගතවුණු පසුවයි. ඒවා මුහුණු ප්‍රදේශයේ ආරම්භ වී ශරීරය පුරා පැතිරෙයි.

ඔබට මෙම රෝග ලක්ෂණ ඇත්නම් සහ ඔබට සරම්ප රෝගයට ප්‍රතිශක්තියක් නැත්නම් (හෝ ඒ ගැන විශ්වාස නැතිනම්), ඔබේ වෛද්‍යවරයා අමතන්න, එසේත් නැත්නම් 0800 611 116 ට Healthline අමතන්න.

ඔබට සරම්ප වැළදී ඇති බවට සිතන අවස්ථාවක වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යාමට අවශ්‍ය නම්, පළමුව දුරකථන ඇමතුමක් දෙන්න, එවිට ඔබෙන් අන් අයට සරම්ප වැළඳීමේ අවදානම මග හරවා ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත.

ඔබට සරම්ප වැළදිය හැකිදැයි දැන ගන්නේ කොහොමද?

  • 1969 ජනවාරි 1 ට පෙර උපන් අයෙකු නම්,
  • මීට පෙර සරම්ප වැළඳී ඇතිබවට විස්වාස නම්,
  • ඔබේ පළමු උපන්දිනයෙන් පසුව සරම්ප එන්නත (MMR) මාත්‍රා දෙකක් ලබාගෙන ඇත්නම්,

ඔබට සරම්ප වැළදීමට ඇති හැකියාවක් නැති තරම්ය.
තවද, එවැනි අය සරමප රෝගියෙකුට නිරාවරණය වුවද නිවාස-නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.

සරම්ප වැළදීමෙන් බරපතල තත්වයක් ඇතිවිය හැකි අය

  • ගර්භනී මව්වරු
  • ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල නිදන්ගත රෝගයක් හෝ සෞඛ්‍ය තත්වයක් ඇති අය
  • වයස අවුරුදු 5 ට අඩු ළමයින්
  • විශේෂයෙන් මාස 12 ට අඩු ළදරුවන්

නියමිත කාලයට (MMR) සරම්ප එන්නත ලබා ගැනීම එයින් වැළකීමට හැකි පහසුම සහ සාර්ථකම ක්‍රමයයි.

සටහන: Dr Anura Jayasinghe, Specialist in Public Health Medicine, New Zealand