Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

හදිසි අවස්ථා ඕනෑම
වේලාවක, ඕනෑම තැනක
සිදුවිය හැකිය.

Kiwi Sri Lankans / හදිසි අවස්ථා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිදුවිය හැකිය.

හදිසි අවස්ථා ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිදුවිය හැකිය. මෑතකදී Gabrielle සුළි කුණාටුවෙන් පීඩා විඳි අතර, ලැව්ගිනි, ගංවතුර, භූමිකම්පා සහ සුනාමි වැනි වෙනත් හදිසි අවස්ථාද මේ ප්‍රදේශයේ ඇතිවිය හැකිය. මේ ගැන කිසිදාක නිශ්චිතව අනාවැකි කිව නොහැකි අතර, හදිසි අවස්ථාවන්ට සුදානම්වීම වැදගත් වේ. හදිසි අවස්ථාවක් සිදු වූ විට කුමක් කළ යුතු දැයි කල්තියා සුදානම් වෙමු.

උදාහරණයක් විදිහට, හදිසි තත්වයක් සිදුවූ විට දෙමාපියන් දෙදෙනාටම තම දරුවන් පාසලෙන් හෝ පෙර පාසලෙන් රැගෙන යාමට නොහැකි වුවොත්, ඔබට උදව් කල හැකි ඊළඟ හොඳම පුද්ගලයා කවුද කියා ඔබ හිතුවද. මෙය සෑම විටම අවශ්‍ය නොවුනත්, එසේ සැලසුම් කර තිබීම ඔබටත්, පවුලේ අයටත්, ඔබේ අසල්වාසීන්ට මෙන්ම මිතුරන්ටත් ප්‍රයෝජනවත් වේවි.

අප සමඟ ජීවත් වන අයගෙන් අපගේ උපකාර අවශ්‍ය විය හැක්කේ කාටද යන්න දැනගෙන සිටීම ඔවුන්ට මෙන්ම ඔබටත් වැදගත් වේවි. ඒ සදහා සැලැස්මක් සුදානම් කරගන්න. ඔබ ඔබේ සැලැස්ම සකස් කරන විට, සියලු දෙනා ඇතුළත් කිරීමට මතක තබා ගන්න. ආබාධිත පුද්ගලයින්, වැඩිහිටි පුද්ගලයින්, කුඩා දරුවන්, සුරතල් සතුන් සහ අනෙකුත් සතුන්ගේ අවශ්‍යතා ගැනද සැලකිලිමත් වන්න.

ඔබට හදිසි අවස්ථාවකදී අවශ්‍ය බොහෝ දේ දැනටමත් ඔබ සතුව ඇත. ඒවා සියල්ලම එක තැනක නැති නිසා ඔබට ඒවා කඩිමුඩියේ සහ/හෝ අඳුරේ සොයා ගැනීමට අපහසු විය හැකිය. ඒ නිසා අත්‍යාවශ්‍ය දේ එක තැනක සුදානම් කර තබාගන්න.

  • දින තුනක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ජලය – සෑම පුද්ගලයෙකු සඳහාම අවම වශයෙන් ජලය ලීටර් නවයක් ඇති බවට වග බලා ගන්න. මෙය බීම සහ මූලික සනීපාරක්ෂාව සඳහා ප්‍රමාණවත් වනු ඇත.
  • පිසීමට අවශ්‍ය නොවන දිගු කාලයක් තබාගත හැකි ආහාර සහ ළදරුවන් සහ සුරතල් සතුන් සඳහා ආහාර.
  • අතේ ගෙන යා හැකි රේඩියෝව සහ බැටරි සහිත ටෝච්/ෆ්ලෑෂ් ලයිට්

ඔබට විශේෂ ආහාර අවශ්‍යතා තිබේ නම්, ඔබට දින තුනක් නිවසේ සිටීමට ප්‍රමාණවත් තරම් එම ආහාර ගබඩා කර තබා ගැනීමට වග බලා ගන්න. එක අයෙකුට ගෙනයාහැකි තරමේ සුරුවම් ( grab bag) බෑගයක අවශ්‍ය ආහාර ගබඩා කර තබාගෙන අවම වශයෙන් සෑම මාස 3කට වරක්වත් එහි අඩංගු දේ ආහාරයට සුදුසු තත්වයේ ඇත්දැයි තහවුරු කරගන්න. මේ ලින්ක් එකෙන් සුරුහම් බෑගයක ඔබට අවශ්‍ය දේ මොනවාදැයි බලන්න. https://getready.govt.nz/en/