Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

ළඟදීම නවසිලන්තයේ ඔබට
ලබාදෙන COVID-19 එන්නත්
ගැන කරුණු කීපයක්

Kiwi Sri Lankans / ළඟදීම නවසිලන්තයේ ඔබට ලබාදෙන COVID-19 එන්නත් ගැන කරුණු කීපයක්

එන්නත් කියන්නේ මොනවද?

මෙය බෙහෙත් විශේෂයක්. එය නිරෝගී පුද්ගලයෙකුට ඇතුළු කල විට, ඔවුන්ගේ ශරීරයේ එයට අදාල රෝගයට විරුද්ධව ප්‍රතිශක්තියක්  ඇතිවෙනවා. එවිට එම පුද්ගලයට එම රෝග විෂබීජය ස්වභාවිකව  ඇතුළු වූ වහාම ඔහුගේ ශරීරය ඊට විරුද්ධව ක්‍රියාකර එම රෝගය ඇතිවීම වලක්වනවා. සමහරවිට එම පුද්ගලයට එම රෝගය වැලඳුනත් එය ඉතාම සුළුවෙන් තමයි රෝගලක්ෂණ ඇති කරන්නේ, සහ සංකූලතා ඇති කරන්නෙත් නැහැ.

කොහොමද COVID-19 එන්නත හදල තියෙන්නේ

COVID-19 වෛරසයේ පිටතින්ම ප්‍රෝටීන වලින් හැදුන කොටස් තියෙනවා.  එන්නත නිපදවල තියෙන්නේ එම ප්‍රෝටීන් කොටස් වලට සමාන ව්‍යුහයන් විදිහටයි.  එන්නත් ශරිරයට ඇතුළු උනහම, අපේ ශරීරය එම ප්‍රෝටීන් ව්‍යුහයට විරුද්ධව ප්‍රතිශක්තිය ඇති කරගන්නවා.  ඒ නිසා පසු කාලයේදී ඇත්තම වෛරසය ශරීරයට ඇතුළු උනොත්, ඒ වෙනකොටත් ඒ විදිහේ දෙයකට විරුද්ධව  ශරීරය ක්‍රියා කරන්න සුදානම් නිසා, COVID -19 වෛරසය ඉක්මනින්ම විනාස කිරීමේ හැකියාව අපේ ශරීරයට ලැබෙනවා.

COVID-19 එන්නත ආරක්ශිතද, එයින් නරකක් වෙන්න පුලුවන්ද

වෛරස මගින් බෝවනරෝග ඉතා සාර්ථකව එන්නත් මගින් පාලනය කල හැකි බව ඉතිහාසය පුරාම ඔප්පු කරලා තියෙනවා.  එන්නතය නිපදවීමේ ක්‍රියාවලියේදී, එයට අදාළ සියලු පියවර සුදුසු පරිදි, අවශ්‍ය තරම් කාල පරාසයන් ඇතුලත, දස දහස් ගනන්  මිනිසුන් යොදාගෙන විද්‍යාත්මකව සිදු කරලා තියෙනවා.  ඒ අනුව එයින් නරක ප්‍රතිපල ඇතිවෙන බවට ශාක්ෂි  නැහැ. කෙසේනමුත්, ඉදිරියේදී එන්නත් එක දෙන අතරතුරේදීත්  ඊට අදාල පර්යේෂණ කටයුතු කරන බැවින් සහ එන්නත ලබන අයගේ තොරතුරු නියාමනය කරන බැවින්, ඇතිවිය හැකි අපත්‍ය ප්‍රතිපල ඉතාම ඉක්මනින් හදුනා ගැනීමටත්, ඒ පිලිබඳ පියවර ගැනීමටත් හැකි වෙනවා.

COVID-19 එන්නත දීමේදී අතුරු ආබාධ ඇතිවෙන්න පුලුවන්ද

මේ දක්වා ඇති තොරතුරු අනුව මේ එන්නතෙන්ද සරම්ප වැනි අනෙකුත් එන්නත් ලබාදීමේදී ඇතිවෙන,  සුළු අතුරු-අබාධ ලැබෙන්න පුළුවන්.  උදාහරණ: එන්නත ලබාදුන් ස්ථානයේ වේදනාවක් දැනීම, රතුවීම, සුළු හිසරදය, උණ, ඇඟපතේ අමාරුව. එන්නත ලබාදීම අරම්භ කිරීමත් සමගම තවදුරටත් මේ අතුරු ආබාධ  ගැන නියාමනය කරනු ලබනව.

COVID-19 එන්නත හදිසියේ නිපදවීම නිසා එහි ගුණාත්මක බව අඩුයිද

ලෝකය පුරා බොහෝ විද්‍යාඥයන්, පර්යේෂණායතන එකට එක්ව ඉතා ඉහල පිරිවැයක් දරමින් මෙම එන්නත් නිපදවීමේ ක්‍රියාවලියට ප්‍රමුකස්ථානය ලබා දෙමින් මෙය ඉතා ඉක්මනින් සිදුවුනා. නමුත්, එයින්  එන්නතේ ගුණාත්මකභාවයට හානියක් සිදුවෙලා නැහැ.

මෙය නවසිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු අනුසාරයෙන් සකස් කරන ලදී.