නවසීලන්තයේ COVID-19 එන්නත ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 16 ට වැඩි සියලුම දෙනාට මෙම එන්නත නොමිලේ ලබාදීමට කටයුතු සුදානම් කර ඇති අතර, මේ දිනවල එන්නත ලබා දෙන්නේ රෝගය බෝවිමේ වැඩි අවධානමක් ඇති අයට සහ රෝගය නිසා සංකුලතා ඇතිවියහැකි පුද්ගලයන්ටයි.
2021 ජුලි මාසය වනවිට සාමාන්‍ය ජනතාවට එන්නත ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වෙනුවෙන් ඔබ විසින් කිසි දෙයක් කලයුතු නැහැ. රට පුරා එන්නත් ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට සලසුම් කර ඇති නිසා, ඔබට ළඟම මධ්‍යස්ථානයෙන් ඔබේ එන්නත ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේවි. ජුලි මාසය වනවිට ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතන මගින් ඒ පිලිබඳ ඔබව දැනුවත් කරනු ඇත. එන්නත ලබාගෙන ඔබත් COVID-19 රෝගයෙන් ආරක්ෂාවන්න.