Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
 

COVID -19 පිලිබඳ අලුත්ම මාර්ගෝපදේශ

Kiwi Sri Lankans / COVID -19 පිලිබඳ අලුත්ම මාර්ගෝපදේශ

නවසීලන්තයේ COVID වල තත්වය

මාර්තු 12 සිකුරාදා සිට ක්‍රියාත්මක වන COVID -19 පිලිබඳ අලුත්ම  මාර්ගෝපදේශ.

  • නවසීලන්තයේ COVID-19 රෝගීන්ගේ හුදකලා කාලය දින 7 දක්වා අඩු කර ඇත.
  • COVID-19 රෝගීන් සහ ඔවුන්ගේ ගෘහස්ථ සමීපතයන් සඳහා හුදකලා කාලය මාර්තු 11 සිකුරාදා රාත්‍රී 11:59 සිට දින දහයේ සිට දින හත දක්වා අඩු කෙරේ.
  • ගෘහස්ථ සමීපතයන් ඔවුන්ගේ හුදකලා කාලයේ 3 වන දින සහ 7 වන දින RAT පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇත.
  • ඔවුන්ට රෝග ලක්ෂණ ඇති පත් වුවහොත්, ඔවුන්ට ද පරීක්ෂණයක් කළ යුතුය. ප්‍රතිපලය පොසිටිව් නම්, ඔවුන් එම දිනයේ සිට දින හතක් හුදකලා කිරීමට අවශ්‍ය වේ.
  • පුද්ගලයෙකු හුදකලා වී දින හතකට පසුව රෝග ලක්ෂණ ඇති වුවහොත්, එම රෝග ලක්ෂණ පහව ගොස් තවත් පැය 24ක් ගත වන තුරු නිවසේ රැඳී සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.
  • COVID -19 වැළදුන රෝගීන් වෛරසය වැළඳීමෙන් පසු දින 90ක් ඇතුළත ගෘහස්ථ සමිපතයෙක් බවට පත් වුවහොත් තවදුරටත් ස්වයං-හුදකලා වීමට අවශ්‍ය නොවේ. මෙය දැනට පවතින දින 28ට වඩා වැඩි වීමකි.