Alienum phaedrum torquatos nec eu, vis detraxit periculis ex, nihil expetendis in mei. Mei an pericula euripidis, hinc partem.
   Call us +64 22 5679 123 | ​admin@kiwisrilankans.org​ |      
 

Important Information About
COVID-19 in New Zealand

Kiwi Sri Lankans / Important Information About COVID-19 in New Zealand

Newsletter: Volume 1

කොවිඩ්-19 යනු කුමක්ද?

කොවිඩ්-19 යනු ඔබේ පෙනහළු හා ශ්වසණ   මාර්ග වලට බලපෑම් කළ හැකි කොරෝනා පවුලට අයිති නව වයිරසයකි.

 

කොරෝනා වයිරස යනු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධ ඇති කරන වෛරස් පවුලකි.

 

එහි මෙතෙක් මිනිසුන්ට රෝග ඇතිකරන වෛරස් වර්ග හතක්  පමණ හඳුනාගෙන ඇත.

 

එම වෛරස්  පවුලේ සමහර විශේෂ මිට පෙර ලෝකය පුරා වසංගත රෝග ඇති කිරීමට හේතු වී ඇත.

 

ඒ අතර,  බරපතල ශ්වසණ  සංකූලතා (Severe Acute Respiratory Syndrome[SARS])  සහ මැදපෙරදිග ශ්වසණ සංකූලතා [Middle East respiratory syndrome (MERS)] වැනි දරුණු වසංගත මීට පෙර වාර්තා වී ඇත.

 

වර්තමාන ලෝක වසංගතයට හේතු වන කොවිඩ්-19 (SARS-CoV-2) මුලින්ම හමුවුයේ 2019 දෙසැම්බර් 1 වන දින  චිනයේදීය.

කොවිඩ්-19 රෝග ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 හි රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේදී ඇතිවන ලක්ෂණ වලට  සමානවේ.

 

සාමාන්‍යයෙන් ඔබට පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබිය හැකිය:

 

  • කැස්ස
  • උණ (38˚C කට වඩා)
  • හුස්ම ගැනීමේ අපහසුතාවයක්
  • උගුරේ වේදනාවක්
  • කිවිසුම් යාම සහ සොටු දියර ගැලීම.
  • රෝගයත් සමග ඇතිවූ ගඳ, සුවඳ දැනීම අඩුවීමක් හෝ නැතිවීමක්

 

සමහර විට මේ කිසිම රෝග ලක්ෂණයක් නැතිව වුවත් ඔබට  කොවිඩ්-19 රෝගය වැළඳී තිබිය හැකිය.

 

කොවිඩ්-19 වැළඳුනු අයෙකුට හුස්ම හිරවීම, නියුමෝනියාව වැනි බරපතල තත්වයන් ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය .

කොවිඩ් -19 පුද්ගලයෙකුට ආසාදනය වූ පසු රෝග ලක්ෂණ පෙන්වීමට දින 2 සිට 14 දක්වා කාලයක් ගතවිය හැකිය

 

කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයෙකුගෙන් රෝග ලක්ෂණ පෙන්වීමට දින දෙකකට කලින් වුවද රෝගය තව කෙනෙකුට  බෝවිය හැකිය.

 

ඔබට කොවිඩ් -19 අදාළ රෝග ලක්ෂණ ඇත්නම් 0800 358 5453 අංකයට ( Healthline ) හෝ ඔබේ වෛද්‍යවරයාට (GP) අමතන්න.

කොවිඩ්-19 පැතිරෙන ආකාරය

සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන් කොවිඩ් -19 පුද්ගලයෙකුගෙන්  පුද්ගලකුට බෝවෙයි.

 

ආසාදිත පුද්ගලයෙකු කැස්ස, කිවිසුම් යාම හෝ කතා කරන විට, වෛරසය අඩංගු බිඳිති කෙටි දුරක් පැතිරෙන අතර අවට පෘෂ්ට මත පතිත විය හැකිය.

 

ඔබ මෙම වයිරසය ඇති බිඳිති හෝ ඒවා තැවරුණ වස්තූන් ස්පර්ශ කර ඔබේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කළහොත් ඔබට එය ආසාදනය විය හැකිය. හොඳ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම රෝග වලක්වා ගැනීමට උපකාරීවෙයි.

 

  • නොදන්නා අය සමඟ ශාරීරික දුරස්ථභාවය තබාගන්න.

 

  • ඔබ අසනීප තත්වයෙකින් පෙලේනම් නිවසේ රැඳී සිටින්න.

 

නිතිපතා ඔබේ අත් සේදීම සහ වියළීම කලයුතුය. කැස්ස හෝ කිවිසුම් යාමේදී, ඉවත දැමිය හැකි Tissue කඩදාසියකින් මුව ආවරණය සහ එම කඩදාසි නිසි පරිදි කුනු දමන භාජනයකයට දැමීමත් වැදගත්ය. එසේ නොවේනම් කැස්ස හෝ කිවිසුම් යාමේදී වැලමිට භාවිතා කරන්න.

වැඩි අවදානමක් ඇති පුද්ගලයින්

වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් සහ පහත සදහන් කල්පවතින රෝග පවතින අය වැඩි අවදානමක් සහිතය

 

  • කල්පවතින ස්වසන මාර්ගය ආශ්‍රිත රෝග
  • බරපතල හෘද රෝග
  • පාලනය නොකළ අධි රුධිර පීඩනය
  • පාලනය නොකළ දියවැඩියාව
  • කල්පවතින වකුගඩු රෝග
  • අක්මාව ආශ්‍රිත රෝග
  • රෝගයක් නිසා හෝ ඖෂධ නිසා ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්
  • පිලිකා වලට ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන්
  • high-dose corticosteroids සහ disease-modifying anti-rheumatic drugs ප්‍රතිකාර ගන්න පුද්ගලයන්
  • ගර්භනී කාන්තාවන්
  • දුම්පානය කරන පුද්ගලයන්

ප්‍රතිකාර  හා ප්‍රතිශක්තිය

කොවිඩ්-19 සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත.

 

කොවිඩ්-19 වැළඳුනහොත්, බොහෝ දෙනෙකුට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැති අතර, පිටස්තර පුද්ගලයන් වෙන්වී  නිවසේ සිටීමෙන් අනෙක් අයට බෝවීම වළක්වා ගැනීමට හැකි වනු ඇත. රෝගය නිසා සංකුලතා ඇතිවුවොත් රෝහලේගතව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය විය හැකිය. සමාන්‍යයෙන් දින 14ක් ඇතුලත රෝග ලක්ෂණ පහව යන මුත්, රෝග ලක්ෂණ දින 14කට වැඩි කාලයක් පැවතිමටද ඉඩ ඇත.

 

කොවිඩ්-19 වැළඳී සුවවූ පුද්ගලයින්ට එය නැවත වැළඳ නොගැනීමට ප්‍රතිශක්තියක් ඇතිවේද යන්න තවම තහවුරු වී නැත.

රෝගයෙන් වැළකීමට හැම කෙනෙක්ම පිළිපැදිය යුතු උපදෙස්

  • සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ඇති පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින්න.
  • කැස්ස හෝ කිවිසුම් යාමේදී ඉවත දැමිය හැකි Tissue හෝ වැලමිට භාවිතා කරන්න.
  • ආහාර අනුභව කිරීමට හෝ පිළිවෙල කිරීමට පෙර, වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු, කැස්ස, කිවිසුම් යාම, නාසය සීරීමෙන්  හෝ දරුවන්ගේ නාසය පිස දැමීමෙන් පසු, රෝගී පුද්ගලයින් රැකබලා ගැනීමෙන් පසු, අවම වශයෙන් තත්පර 20 ක් ජලය හා සබන් යොදා අත් සෝදා හොඳින් වියළා ගන්න.

නවසීලන්තයේ රජයේ සෞඛ්‍ය සේවාවන් නොමිලේ ලබා ගැනීමට මා සුදුසුකම් නොලබන නමුත් කොවිඩ්-19 හා සම්බන්ධ සෞඛ්‍ය සේවාවක් මට නොමිලේ ලබා ගත හැකිද?

ඔව්. රෝග විනිශ්චය, පරීක්ෂණ සහ ප්‍රතිකාර ඇතුළුව කොවිඩ්-19 ආශ්‍රිත සත්කාරය අවශ්‍ය ඕනෑම කෙනෙකුට, සෞඛ්‍ය සේවාවන් නොමිලේ ලබා දෙනු ලැබේ.

 

පුරවැසිභාවය, වීසා බලපත්‍ර තත්ත්වය, ජාතිකත්වය හෝ වෛද්‍ය රක්‍ෂණ ආවරණය නොසලකා මෙය සිදු වේ.

 

තක්සේරු කිරීම සහ ප්‍රතිකාර කිරීම ඇතුළුව සියලු සත්කාර නොමිලේ ලබාදෙනු  ලැබේ.  වෙනත් සෞඛ්‍ය සේවාවක් සඳහා සුපුරුදු ගාස්තු ගෙවිය යුතුය. සමහර රටවල්, ඔබ නවසීලන්තයෙන් පිටත්ව යාමට පෙර ඔබට කොවිඩ්-19 නැති බව සනාථ කිරීම සඳහා කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකලයුතු බව ඉල්ලා සිටී.

ඔබට මෙය ඔබේ වෛද්‍යවරයා හරහා සිදුකළ හැකි නමුත් ඒ සඳහා ඔබ මුදල්  ගෙවිය යුතුය.

ඕනෑම සෞඛ්‍ය ගැටළුවක් පිළිබඳ මග පෙන්වීම සඳහා 0800 611 116 අමතන්න

 

කොවිඩ්-19 විමසීම් සඳහා

 

නවසීලන්තය තුළ ගාස්තු අය නොකරන දුරකථන – 0800 358 5453 අමතන්න

වෙනත් රටක දුරකථන අංකයකින් කතා කරන්නේ නම් – +64 9 358 5453 අමතන්න